ගෑස් මිල නගී, කිරිපිටි මිල බසී

ගෑස් මිල නගී, කිරිපිටි මිල බසී

by Staff writer 18-09-2018 | 10:07 PM
COLOMBO (News 1st) - ගෑස් මිල රුපියල් 195කින් ඉහළ දැමීමට ජීවන වියදම් කමිටුව තීරණය කර තිබේ. පසුගිය 13 වන දා රැස් වූ ජීවන වියදම් කමිටුව මෙම තීරණය ගෙන ඇත්තේ ගැස් සමාගම් කළ ඉල්ලීම් සලකා බලමිනි. ඒ පිළිබඳව අද පෙරවරුවේ රැස්වූ අමාත්‍ය මණ්ඩලය ද දැනුවත් කිරීමට අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා කටයුතු කර තිබේ. එහිදී අමාත්‍යවරයා පවසා ඇත්තේ කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 195කින් ඉහළ දැමීමට ජීවන වියදම් කමිටුව තීරණය කළ බව ය. එමෙන් ම කිරිපිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 25කින් අඩු කිරීමට ද ජීවන වියදම් කමිටුව තීරණය කර තිබේ. මේ කරුණු පිළිබඳ අවසන් තීරණය ලබන බ්‍රහස්පතින්දා ගැනීමට නියමිත බව ද ජීවන වියදම් කමිටුව සඳහන් කළේ ය.