කඩවත මහ පාරේ යකඩ ලොරියක් පෙරළෙයි

කඩවත මහ පාරේ යකඩ ලොරියක් පෙරළෙයි

by Sagarika Chathumali 18-09-2018 | 11:40 AM
COLOMBO (News 1st) : කඩවත නගරයේදී යකඩ ටොන් 24 ක් රැගත් ලොරි රථයක් පෙරළී ගොස් තිබේ. පොලීසිය පැවසුවේ, අද පෙරවරු 8.45 ට පමණ නුවර දෙස සිට පැමිණි අදාළ ලොරි කඩවත බස් නැවතුම දෙසට ගමන් කිරීමට යාමේදී වේගය පාලනය කරගත නොහැකිව මාර්ගය හරහා පෙරළි ගොස් ඇති බවයි. අනතුරින් කිසිවෙකුට හානියක් සිදුව නැති අතර ලොරි රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පැවසී ය.