ඇරැව්වල ඝාතනය: තවත් සැකකරුවන් 2ක් අත්අඩංගුවට

ඇරැව්වල ඝාතනය: තවත් සැකකරුවන් 2ක් අත්අඩංගුවට

by Staff writer 18-09-2018 | 2:01 PM
COLOMBO (News 1st) : මහරගම, ඇරුව්වලදී තියුණු ආයුධවලින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට තවත් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ මීට පෙර අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් ලද තොරතුරුවලට අනුව ඔවුන් දෙදෙනා ඊයේ පස්වරුවේ කඩුවෙල හා නාරාහේන්පිට ප්‍රදේශවලදි අත්අඩංගුවට ගත් බවයි. එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, 24 හා 32 යන වයස්වල පසුවන කඩවත හා ඇඹිලිපිටිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙකි. අත්අඩංගුවට එම සැකකරුවන් සතුව තිබී මෝටර් රථ 2 ක් ද පොලිස් භාරයට ගෙන තිබේ. සැකකරුවන් අද නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. ඒ අනුව අදාළ ඝාතනය සම්බන්ධයෙන් මේ වන විට අත්අඩංගුවටගෙන ඇති සැකකරුවන් සංඛ්‍යාව 8 කි. මේ අතර එම ඝාතනයට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් සිව් දෙනා සහ ඊට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් මීට පෙර අත් ඩංගුවට ගත් සැකකරු හා සැකකාරිය නුගේගොඩ මහේස්ත්‍රත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන මස පළමු වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. පසුගිය 7 වන දා ඇරැව්වල පුරාණ විහාරස්ථානය අසලදී අදාළ ඝාතනය සිදුව තිබිණ. https://www.youtube.com/watch?v=GcKLCjRIGOY