රාත්‍රී තැපැල් දුම්රිය අවලංගු කෙරේ

අද රාත්‍රියේ ධාවනය කිරීමට නියමිතව තිබූ තැපැල් දුම්රිය අවලංගු කෙරේ

by Staff writer 18-09-2018 | 5:06 PM
COLOMBO (News 1st) - කොළඹ කොටුවේ සිට මඩකලපුව සහ ත්‍රිකුණාමලය දක්වාත්, ත්‍රිකුණාමලය සහ මඩකලපුව සිට කොළඹ කොටුව දක්වාත් අද රාත්‍රියේ ධාවනය කිරීමට නියමිතව තිබූ ‍තැපැල් දුම්රිය අවලංගු කර තිබේ. දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ, පලුගස්වැව සහ ගල්ඔය අතර පුවක්පිටිය ප්‍රදේශයේදී වන අලි 5 දෙනෙකු අද අලුයම 4.00ට පමණ ඉන්ධන ප්‍රවාහන දුම්රියක ගැටීමත් සමග දුම්රිය පීළි පැනීම හේතුවෙන් මේ පියවර ගත් බව ය. මේ අතර කොළඹ කොටුව සිට මඩකලපුව දක්වා දුම්රිය ධාවනය මහව දක්වා තවදුරටත් සීමා කර ඇති බව ද පාලක මැදිරිය ප්‍රකාශ කළේ ය. දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ, මඩකලපුව සිට කොටුව දක්වා දුම්රිය ධාවනය ද ගල්ඔය දක්වා සීමා කර ඇති බව ය. හෙට උදෑසන වන විට අදාළ දුම්රිය මාර්ගය යථා තත්ත්වයට පත් කිරීමට හැකි වනු ඇතැයි දුම්රිය පාලක මැදිරිය පවසයි.