"පලාලි ගුවන්තොටුපොළ ඉන්දියාවට දෙන්නේ නැහැ"

පලාලි ගුවන්තොටුපොළ ඉන්දියාවට දෙන්නේ නැහැ - නිමල් සිරිපාල ද සිල්වා

by Staff writer 18-09-2018 | 8:47 PM
COLOMBO (News 1st) - පලාලි ගුවන්තොටුපොළ ඉන්දියාවට ලබා නොදෙන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ ය. පලාලි ගුවන්තොටුපොළ සංවර්ධනය කිරීමට ඉන්දීය ගුවන් සේවා අධිකාරිය සූදානම් වන බවට ටයිම්ස් ඔෆ් ඉන්ඩියා පුවත්පත අද ප්‍රසිද්ධ කළ වාර්තාවට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ය.