by Staff writer 17-09-2018 | 4:00 PM
COLOMBO (News 1st) - 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය කථානායකවරයා වෙත දන්වා යවන බව ශ්‍රේෂ්ඨාධිකරණය අද දැනුම්දී තිබේ.
ඒ, මේ සම්බන්ධයෙන් ඉදිරිපත් වූ පෙත්සම් 16 ක් දින 04 ක් පුරා විභාග කර අවසන් කිරීමෙන් අනතුරුවයි.
ජනතා විමුත්කි පෙරමුණ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ජනමත විචාරණයකින් සම්මත කළ යුතු බවට අර්ථ නිරූපණයක් ඉදිරිපත් කරන්නැයි ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා විසින් පෙත්සමක් ගොනු කළේ ය.
අනතුරුව ඊට පක්ෂව සහ විපක්ෂව පෙත්සම් 16 ක් ඉදිරිපත්වූ අතර ඒ පිළිබඳ විභාගය දින 04 ක් පුරා පැවැත් විණි.