හොංකොං පැරදූ පකිස්ථාන කණ්ඩාමට කඩුලු 8ක ජයක්

හොංකොං පැරදූ පකිස්ථාන කණ්ඩාමට කඩුලු 8ක ජයක්

by Staff writer 17-09-2018 | 6:35 AM
News 1st  : ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ හොංකොං කණ්ඩායමට සමග පැවති තරගය කඩුලු 8 කින් ජය ගැනීමට පාකිස්ථාන කණ්ඩායම සමත් විය. තරගය ඩුබායි අන්තර්ජාතික ක්‍රික්ට් ක්‍රීඩාංගණයේදී කාසියේ වාසිය දිනා ගත් හොංකොං කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළේ ය. ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කළ ද හොංකොං කණ්ඩායමට මේ වන විටත් එක්දින ජාත්‍යන්තර වරම් හිමි නොවූ කණ්ඩායමක් වීම විශේෂත්වයකි. හොංකොං ඉනිම ආරම්භ කරමින් නිසාකාත් ඛාන් හා නායක අනුශ්මන් රාත් පිටියට පිවිසියහ. හොංකොං ඉණිමේ මුල් කඩුලු 5 බිඳ වැටුණේ මුළු ලකුණු සංඛ්‍යාව 44 ක්ව තිබියදීයී. හොංකොං පිතිකරුවන් 7 දෙනෙකුට ම ලකුණු 10 සීමාව පසු කිරීමට පාකිස්ථාන පන්දු යවන්නෝ අවස්ථාව ලබා නොදුන්හ. ඔවුන්ට පන්දුවාර 37 යි එක් පන්දුවක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කළ හැකි වූයේ ලකුණු 116 ක් පමණි. පන්දු යැවීමේදී උස්මන් ඛාන් කඩුලු 3ක් දවා ගත් අතර හසන් අලි හා ශඩාබ් ඛාන් අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියහ. අනතුරුව ලකුණු 117 ක පහසු ඉලක්කයක් සඳහා පිටියට පිවිසි පකිස්ථාන කණ්ඩායම එම ඉලක්කය පසු කළේ, පන්දුවාර 23 යි පන්දු 4 ක් අවසානයේ කඩුලු 2 ක් පමණක් දැවී තිබියදීයී. නොදැවී කඩුල්ලේ රැඳී සිටි ආරම්භක පිතිකරු ඉමාම් උල් හක් සිය මංගල එක්දින අර්ධ ශතකය වාර්තා කරමින් ලකුණු 50 ක් රැස් කළේ ය. ෆකර් සමාන් ලකුණු 24 ක් රැස් කළ අතර බාබර් අසාම් ලකුණු 33කි.