by Sagarika Chathumali 17-09-2018 | 12:17 PM
COLOMBO (News 1st) : පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ඇතුළු සැකකරුවන් 6 දෙනෙකුට එරෙහිව කුරුඳුත්ත පොලීසිය අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට සංශෝධිත පැමිණිල්ලක් ඉදිරිපත් කළේ ය.
ඒ අනුව ඒ පිළිබඳ නියෝගය ලබන නොවැම්බර් මස 12 වන දා ලබාදීමට නියමිතයි.
මෙහිදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා විත්ති පාර්ශ්වයට නියෝග කළේ, ලබන නොවැම්බර් 12 වැන දා ට සතියකට පෙර ලිඛිත විරෝධතා ගොනු කරන ලෙසයි.
එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්වරයාගේ ශ්‍රී ලංකා සංචාරයට විරෝධය පළ කර 2016 වසරේ පෙබරවාරි මස 6 වන දා කොළඹ බෞද්ධාලෝක මාවතේ මහජනතාවට පීඩාවක් වන අයුරින් විරෝධතාවක් පැවැත්වීම සම්බන්ධයෙන් විමල් වීරවංශ මහතා ඇතුළු 6 දෙනෙකුට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබේ.