මැන්ඛුට් කුණාටුවට 66ක් බිලි.. ගුවන් රැසක් අත්හිටුව

මැන්ඛුට් කුණාටුවට 66ක් බිලි.. ගුවන් රැසක් අත්හිටුවයි

by Staff writer 17-09-2018 | 8:55 AM
COLOMBO (News 1st) : අග්නිදිග ආසියානු කලාපයට බලපෑ මැන්ඛුට් සුළිකුණාටුවෙන් මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 66 ක් දක්වා ඉහළ ගොස් තිබේ. සුළිකුණාටුවෙන් පිලිපීන ජාතිකයන් 64 දෙනෙකු මියගොස් ඇති බව සඳහන් ය. කුණාටුවෙන් පිලිපීනය ,හොංකොං සහ චීනයේ දකුණුදිග ප්‍රදේශයට දැඩි බලපැම් එල්ල වී තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මේ වන විට චීනයේ ජනාකීර්ණම පළාත වන ගුවාන්ග්ඩොන්ග් ආශ්‍රිත නගර හතකින් පුද්ගලයින් මිලියන 2 දශම 7ක් ඉවත් කර ඇති බවයි. මැන්ඛුට් සුළිකුණාටුවේ මේ වන විට පැයට කිලෝමීටර් 162 ක වේගයකින් හමායන බව එරට කාලගුණ වාර්තාවල සඳහන් ය. කුණාටුව හේතුවෙන් චීනය සිය ධීවර බෝට්ටු 50,000ක් නැවත කැඳවා ඇති අතර හොංකොං ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ආශ්‍රිත ගුවන් ගමන් 800ක් අවලංගු කිරිමට පියවර ගෙන තිබේ. මැන්ඛුට් සුළිකුණාටුව, ලබන අඟහරුවාදා වන විට අවපීඩන තත්ත්වයක් දක්වා දුර්වල වනු ඇතැයි කාලගුණ විද්‍යා බලධාරීහු පවසති. මෙ අතර අමෙරිකාවට බලපා ඇති ෆොලොරන්ස් සුළිකුණාටුවෙන් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 18ක් දක්වා ඉහළ ගොස් ති‍බේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, උතුරු කැරොලිනා, දකුණු කැරොලිනා සහ වර්ජිනියා යන ප්‍රාන්තවලට සුළි කුණාටුවෙන් දැඩි බලපෑම් එල්ල වී ඇති බවයි.