by Staff writer 17-09-2018 | 11:47 AM
COLOMBO (News 1st): පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නියෝජ්‍ය පොලිස්පති, නාලක ද සිල්වා මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් තොරතුරු තාක්ෂණ දිශාව වෙත මාරුකර යවා තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, ජාතික පොලිස් කොමිසමේ අනුමැතියට යටත්ව පොලිස්පතිවරයා මෙම ස්ථාන මාරුව සිදුකර ඇති බවයි.
නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන විමර්ශන අවසන් වන තුරු තාවකාලිකව මෙම ස්ථාන මාරුව සිදුකර ඇති බව අප කළ විමසීමකදී ජාතික පොලිස් කොමිසමේ ලේකම් සමන් දිසානායක මහතා සඳහන් කළේ ය.