පාර්ලිමේන්තුවේ වටිනාකම මන්ත්‍රීවරුන්ට ඇගයීමට ලක්කිරීම වැදගත් - ජනපති

by Staff writer 17-09-2018 | 6:56 PM

COLOMBO (News 1st) - පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහාවන පළමු ගෝලීය ඇගයීම් උළලේ සමාරම්භක උත්සවය අද කොළඹදී පැවැත් විය.

ඒ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි. ඇගයීම සඳහා වූ ගෝලීය පර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංසදය සහ ඇගයීම් සඳහා වූ ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංසදය එක් ව මෙම සමුළුව සංවිධානය කර තිබේ. එහිදී ලොව පුරා 70 කට අධික රටවල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් යහපාලනය හා වගවීම ප්‍රවර්ධනය කිරීම සඳහා ඇගයීම භාවිත කළ හැකි මාර්ග ගවේෂණය කිරීමට නියමිත වේ. සමුළුව ලබන 19 වැනිදා දක්වා පැවැත්වෙනු ඇති. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන,
රාජ්‍ය සේවකයින්ට කාර්යක්ෂමතාවය පිළිබඳව උපදෙස් දෙන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කාර්යක්ෂමතාවය තියෙන්න ඕනි. මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කාර්යක්ෂමතාවය පෙන්නුම් කරන්න හොඳම සාක්ෂිය සහ සාධකය තමයි මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවට පැමිණෙන දින ගණන අපේ රටේ මාසයකට පාර්ලිමේන්තුව තියෙන්නේ දවස් 8 යි. ඒ දවස් 8 තියෙන්නේ සතියක් ඇර සතියක්. පාර්ලිමේන්තුමේ කාර්යක්ෂමතාවය පාර්ලිමේන්තුවේ වාද විවාදවලට සභාවේ කටයුතුවලට පමණක් නෙවේ වැදගත් වන්නේ පාර්ලිමේන්තුවට රැස්වීමේදී තිබෙන උපදේශක සභා කමිටු ස්ථාවර නියෝග යටතේ ඇතිවන විවිධ කමිටු රාශියක් තිබෙනවා. රාජ්‍ය පොදු ව්‍යාපාර ගිණුම්කාරක සභාව වැනි වැදගත් කමිටු රාශියක් ඒ කමිටුවල ක්‍රියාකාරීත්වය, කාර්යක්ෂමතාවය රටේ සංවර්ධනයට පුළුල් ලෙස බලපානවා. පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගිවීමේ දුර්වලතාවයන් මෙන් ම ඇතැම් වේලාවට කමිටු රැස්වෙන්නේ නැතුව කල් දානවා සාමාජිකයින් නැති නිසා මම දන්නේ නැහැ මේ රටවල් ගණනාවකින් නියෝජනය වන තමුන්නාන්සේලාගේ පාර්ලිමේන්තුවල පාර්ලිමේන්තුවට පැමිණීමේ සතුටුදායක තත්ත්වයන් කොහොමද කියලා. අපේ රටේ නම් මුලින්ම පාර්ලිමේන්තුවේ වටිනාකම මන්ත්‍රීවරුන්ට ඇගයීමට ලක්කිරීම ඉතා වැදගත් වනවා. මම හිතන්නේ වේගයෙන් සංවර්ධනය විය යුතු රටකට ඒ කාර්යක්ෂමතාවයේ ආදර්ශය මුලින්ම දිය යුත්තේ පාර්ලිමේන්තුවයි. පාර්ලිමේන්තුවට වඩා ඇගයීමට ලක්වන්නත් ඒ තුළ සංවර්ධන ඉලක්ක සම්පූර්ණවීමටත් පාර්ලිමේන්තුව තුළ වැඩිපුර නියෝජනය විය යුත්තේ කාන්තාවන් කියන එකයි මගේ අදහස