දක්ෂිණ අධිවේගයේ රිය අනතුරක්

දක්ෂිණ අධිවේගයේ රිය අනතුරක්

by Staff writer 17-09-2018 | 9:15 AM
COLOMBO (News 1st) : දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව ප්‍රදේශයේදී අද උදෑසන සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබේ. පොලීසිය පැවසුවේ, කොළඹ සිට මාතර බලා ධාවනය වූ මෝටර් රථයක් අධිවේගී මාර්ගයේ වැටෙහි ගැටීමෙන් අද උදෑසන 5.00 ට පමණ අනතුර සිදුව ඇති බවයි. අනතුරට ලක්වූවන්ගේ තත්ත්වය බරපතළ නොවන බව ද පොලීසිය සඳහන් කළේ ය.