by Staff writer 17-09-2018 | 4:56 PM
COLOMBO (News 1st) - රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රි ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට ඇප ලබාදීම අභියාචනාධිකරණය අද ප්‍රතික්ෂේප කර තිබේ.
ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා නඩු විභාගය අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කුරුණෑගල මහාධිකරණය නියෝග කළේ, සතොස මුදල් අවභාවිත කිරීමේ චෝදනා සම්බන්ධයෙන් පැවැත්වෙන නඩු විභාගයට අදාළවයි.
ඒ අනුව එම නියෝගය ප්‍රතිශෝධනය කර තමාට ඇප ලබා දෙන ලෙස ඉල්ලා ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා විසින් ගොනු කර තිබු ප්‍රතිශෝධන පෙත්සම සම්බන්ධයෙන් නියෝගය අද නිකුත් කරනු ලැබුවේ අචල වෙන්ගප්පුලි හා ජනත් ද සිල්වා යන විනිසුරු මඩුල්ල විසිනි.