ගෙවුණු දවස උණුසුම් කළ පුවත්...

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්...

by Staff writer 17-09-2018 | 6:55 AM

COLOMBO (News 1st) :

දේශීය පුවත්...

1. ගම්මැද්ද ගෙයින් ගෙට තෙවන අදියර අතිසාර්ථකව අවසන් : ගම්මැද්ද ගෙයින් ගෙට තුන්වැනි අදියර අද සාර්ථකව අවසන් කෙරිණ. ගම්මාන රැසක සංචාරය කළ අපේ කණ්ඩායම් මහජනතාව හමු වී ගැටලු විමසුවේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථීන්ගේ සහයෝගය ද ලබා ගනිමිනි. 2. ඔස්ට්‍රියාවේ ශ්‍රී ලංකා තානාපතිනිය යළි කැඳවයි : ඔස්ට්‍රියාවේ ශ්‍රී ලංකා තානාපතිනි ප්‍රියානි විජේසේකර මහත්මිය සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 5 දෙනෙකු යළි කොළඹට කැඳවීමට තීරණය කර තිබේ. 3. කලාවැව රක්ෂිතයේ අලි රංඩුවක් : කලාවැව රක්ෂිතයේ සද්ධන්තයින් දෙදෙනෙකුගේ ගැටුමක් පිළිබදව දින කිහිපයක සිට ගම්වාසීන්ට තොරතුරු දැනගන්නට ලැබී තිබිණ. ඊයේ උදෑසන අප වාර්තාකරුට දැනගන්නට ලැබුණේ, එම අලි රංඩුවෙන් එක් අලියෙකු පරාජය වී ජීවිතයෙන් සමුගත් බවයි 4. රාගල ගල් ගුහාවක සැකකටයුතු මළ සිරුරු දෙකක් : රාගල සෙන්ලෙනාඩි උඩ කොටසේ ඝන කැළෑවක, ගල් ගුහාවක් තුළ තිබී සැකකටයුතු ලෙස මිය ගිය පුද්ගලයින් දෙදෙනෙකුගේ මළ සිරුරු සොයා ගෙන තිබේ. 5. ඕමන්තේ දුම්රිය අනතුරින් සිව් දෙනෙක් මරුට : ඕමන්තේ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයකදී මෝටර් රථයක් දුම්රියක ගැටීමෙන් පුද්ගලයින් 4 දෙනෙකු මියගොස් තවත් දෙදෙනෙක් තුවාල ලැබූහ.

විදෙස් පුවත්.....

1. පිලිපීනයේ ජීවිත 29ක් බිලිගත් ‘මැන්ඛුට්’ චීනයට කඩාවදී : අග්නිදිග ආසියානු කලාපයට බලපෑ මැන්ඛුට් සුළිකුණාටුවේ බලපෑමෙන් මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 49 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ක්‍රීඩා පුවත්...

1. ආසියානු කුසලානය: ශ්‍රී ලංකාවට එරෙහිව බංග්ලාදේශයට විශිෂ්ට ජයක් : ආසියානු කුසලානයේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවති ක්‍රිකට් තරගයෙන් බංග්ලාදේශය ලකුණු 137ක ජයක් වාර්තා කළේ ය.