කළුවර දැව තොගයක් සමග සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට

කළුවර දැව තොගයක් සමග සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට

by Staff writer 17-09-2018 | 5:42 PM

COLOMBO (News 1st) - ලක්ෂ 20 කට අධික කළුවර දැව කඳන් තොගයක් සමග සැකකරුවන් තිදෙනෙකු මොනරාගල සහ බුත්තල ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන තිබේ.

මොනරාගල, ඔක්කම්පිටිය කරත්තමංකඩ ප්‍රදේශයේ සහ කුඹුකන ගල්වල පාරේ සිල්බර රක්ෂිතයේ තිබී මෙම දැව කඳන් කැපීමේ ජාවාරම සිදු කර ඇත. ලැබුණු තොරතුරක් මත ක්‍රියාත්මක වූ බුත්තල පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් ඊයේ රාත්‍රියේ මෙම වැටලීම සිදු කර ඇති බව සඳහන් වේ. පොලිස් භාරයට ගත් කළුවර දැව තොගය බුත්තල හා වැල්ලවාය වන සංරක්ෂණ කාර්යාලවලට භාරදී ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත වේ. https://www.facebook.com/NewsfirstSL/videos/517586725379318/