ආනයනික රෙදිපිළි සඳහා වූ VAT බද්ද අඩු කෙරේ

ආනයනික රෙදිපිළි සඳහා වූ VAT බද්ද 5% දක්වා අඩු කෙරේ

by Staff writer 17-09-2018 | 5:19 PM

COLOMBO (News 1st) - ආනයනික රෙදිපිළි මත පනවා තිබු VAT බද්ද 5% දක්වා අඩු කර තිබේ.

මීට පෙර එම බද්ද 15 % ක්ව පැවති බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ ය. රෙදිපිළි කර්මාන්තයේ නිරත පාර්ශවකරුවන්ගේ ඉල්ලීම්වලට ප්‍රතිචාර දක්වමින් ආනයනික රෙදිපිළි මත පනවා තිබු VAT බදු මෙලෙස අඩු කර ඇත. දැනට VAT ව්‍යූහයට යටත් නොවන සුළු හා මධ්‍ය පරිමාණ ඇගලුම් නිෂ්පාදකයන්ට ද මෙමගින් අවශ්‍ය ආනයනික රෙදිපිළි මිලදී ගැනීමේ සහන හිමිවන බව මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබේ.