කළුවර දැව තොගයක් සමග සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට

කළුවර දැව තොගයක් සමග සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට

කළුවර දැව තොගයක් සමග සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට

කර්තෘ Staff writer

17 Sep, 2018 | 5:42 pm

COLOMBO (News 1st) – ලක්ෂ 20 කට අධික කළුවර දැව කඳන් තොගයක් සමග සැකකරුවන් තිදෙනෙකු මොනරාගල සහ බුත්තල ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන තිබේ.

මොනරාගල, ඔක්කම්පිටිය කරත්තමංකඩ ප්‍රදේශයේ සහ කුඹුකන ගල්වල පාරේ සිල්බර රක්ෂිතයේ තිබී මෙම දැව කඳන් කැපීමේ ජාවාරම සිදු කර ඇත.

ලැබුණු තොරතුරක් මත ක්‍රියාත්මක වූ බුත්තල පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් ඊයේ රාත්‍රියේ මෙම වැටලීම සිදු කර ඇති බව සඳහන් වේ.

පොලිස් භාරයට ගත් කළුවර දැව තොගය බුත්තල හා වැල්ලවාය වන සංරක්ෂණ කාර්යාලවලට භාරදී ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත වේ.

ලක්ෂ 20කට අධික කළුවර දැව කදන් තොගයක් සමග සැකකරුවන් තුන්දෙනෙක් අත්අඩංගුවට.

ලක්ෂ 20කට අධික කළුවර දැව කදන් තොගයක් සමග සැකකරුවන් තුන්දෙනෙක් අත්අඩංගුවට. #lka #News1st #Monaragala #SLPolice #STF #Raid

Posted by Newsfirst.lk on Monday, September 17, 2018

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]