වියළි කාලගුණයත් සමග දෛනික විදුලි ඉල්ලුම ඉහළ යයි

වියළි කාලගුණයත් සමග දෛනික විදුලි ඉල්ලුම ගිගාවොට් පැය 45ක් දක්වා ඉහළ යයි

by Staff writer 16-09-2018 | 7:32 AM
COLOMBO (News 1st) - පවතින වියළි කාලගුණයත් සමග දෛනික විදුලි ඉල්ලුම ගිගාවොට් පැය 45ක් දක්වා ඉහළ ගොස් තිබේ. විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, වියළි කාලගුණයක් පැවතිය ද විදුලි සැපයුම බාධාවකින් තොරව ලබා දිය හැකි බව ය. ජල විදුලි බලාගාර ආශ්‍රිත ජලාශ්‍රවල ජල මට්ටම 72.5%ක මට්ටමේ පවතින බව ද ඔහු ප්‍රකාශ කළේ ය. මේ අතර කෘතිම වැසි ඇති කිරීමේ නියමු ව්‍යාපෘතිය ලබන මාසයේ සිට ආරම්භ කිරීමට සැලසුම් කර ඇතැයි ද සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ ය. තායිලන්ත විශේෂඥ කණ්ඩායමක් හරහා එම කටයුතු සිදුවනු ඇති.