රාගල ගල් ගුහාවක මළ සිරුරු දෙකක්

රාගල ගල් ගුහාවක සැකකටයුතු මළ සිරුරු දෙකක්

by Staff writer 16-09-2018 | 4:08 PM
COLOMBO (News 1st) : රාගල සෙන්ලෙනාඩි උඩ කොටසේ ඝන කැළෑවක, ගල් ගුහාවක් තුළ තිබී සැකකටයුතු ලෙස මිය ගිය පුද්ගලයින් දෙදෙනෙකුගේ මළ සිරුරු සොයා ගෙන තිබේ. පොලීසිය පැවසුවේ, රාගල සෙන්ලෙනාඩි වත්තේ පදිංචි 31 හැවිරිදි පුද්ගලයෙකු සහ මැදවත්ත ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි පුද්ගලයෙකුගේ මළ සිරුරු අද පෙරවරුවේ මෙලෙස සොයා ගත් බවයි. මොවුන් දෙදෙනා සතුන් දඩයම් කිරීම සඳහා ඊයේ දිනයේ නිවෙස්වලින් පිටව ගොස් තිබේ. මළ සිරුරු සොයා ගත්, ගල්ගුහාව තුළ තිබී මොවුන් දෙදෙනා සමග ගිය සුනඛයෙකු ද මිය ගොස් සිටියදී සොයා ගත් බව පොලීසිය සඳහන් කළේ ය. මොවුන්, ඉත්තෑවන් දඩයම් කිරීම සඳහා ගල් ගුහාව තුළට දුම්ගසා පසුව ගුහාව තුළට ඇතුළු වීමෙන් පසු මෙලෙස මිය ගොස් ඇති බවට පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ. සිද්ධිය පිළිබඳ මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීමට නියමිත අතර රාගල පොලීසියේ මෙහෙය වීමෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.