පොලිස් නිලධාරීන්ට එරෙහිව පැමිණිලි 5000ක්

පොලිස් නිලධාරීන්ට එරෙහිව පැමිණිලි 5000කට අධික සංඛ්‍යාවක්

by Staff writer 16-09-2018 | 7:58 AM
COLOMBO (News 1st) - ගත වූ වසර 3 තුළ පොලිස් නිලධාරීන්ට එරෙහිව පැමිණිලි 5000කට අධික සංඛ්‍යාවක් ලැබී ඇතැයි ජාතික පොලිස් කොමිසම පවසයි. එහි සභාපති ජී.එච්. මනතුංග මහතා සඳහන් කළේ, ඉන් 90%ක ප්‍රමාණයක් විසඳීමට හැකි වූ බව ය. වැඩි පැමිණිලි සංඛ්‍යාවක් ලැබී තිබුණේ, රාජකාරී පැහැර හැරීම සම්බන්ධයෙනි. පැමිණිලිවලින් බොහෝමයක් වසර 8කට අධික කාලයක් විභාග නොවී පැවති බව ද ඔහු ප්‍රකාශ කළේ ය. සභාපතිවරයා පැවසුවේ, ඒ හේතුවෙන් ගැටලු රැසක් උද්ගත වූ බව ය.