ත්‍රිකුණාමලයේ සිදු වූ භූ කම්පනය

ත්‍රිකුණාමලයේ සිදු වූ භූ කම්පනය ක්වාට්සයිට් පාෂාණ සහිත කඳුකරයට වැඩි වශයෙන් දැනී ඇතැයි තහවුරු වෙයි

by Staff writer 16-09-2018 | 8:11 AM
COLOMBO (News 1st) - ත්‍රිකුණාමලයේ සිදු වූ භූ කම්පනය ක්වාට්සයිට් පාෂාණ සහිත කඳුකර ප්‍රදේශයට වැඩි වශයෙන් දැනී ඇතැයි භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශය පවසයි. ත්‍රිකුණමලය කලපුව ආශ්‍රිතව රික්ටර් පරිමාණ ඒකක 3.5ක ප්‍රබලත්වයෙන් යුත් භූ චලනයක් සිදු වූයේ පෙරේදා රාත්‍රී 12ට පමණ ය. භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශයේ අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රවිමල් සිරිවර්ධන මහතා පැවසුවේ, මූලික අධ්‍යනයේදී එය තහවුරු වී ඇති බව ය. භූ කම්පනයෙන් අනතුරුව පසු කම්පන වාර්තා වී නැතැයි ද ඔහු සඳහන් කළේ ය.