ජීව අත්බෝම්බ 02ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

ජීව අත්බෝම්බ 02ක් සමග සැකකරුවෙකු පිටකොටුව, බැස්ටියන් මාවතේදී අත්අඩංගුවට

by Staff writer 16-09-2018 | 11:17 AM
COLOMBO (News 1st) - පිටකොටුව, බැස්ටියන් මාවතේදී විදේශ රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බ 02ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, 39 හැවිරිදි එම සැකකරු මොණරාගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව ය. මේ අතර මාවතගම, පුස්සැල්ලාව ප්‍රදේශයේදී ද ජීව අත්බෝම්බ දෙකක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී නිවසක තිබී ඒවා සොයා ගත් බව ය. සැකකරු 45 හැවිරිදි පුස්සැලිතැන්න, මෙරගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සැකකරුවන් අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.