ගම්මැද්ද ගෙයින් ගෙට අතිසාර්ථකව අවසන්

ගම්මැද්ද ගෙයින් ගෙට අතිසාර්ථකව අවසන්

by Staff writer 16-09-2018 | 9:10 PM
COLOMBO (News 1st) : ගම්මැද්ද ගෙයින් ගෙට තුන්වැනි අදියර අද සාර්ථකව අවසන් කෙරිණ. ගම්මාන රැසක සංචාරය කළ අපේ කණ්ඩායම් මහජනතාව හමු වී ගැටලු විමසුවේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථීන්ගේ සහයෝගය ද ලබා ගනිමිනි. ගම්මැද්ද ගෙයින් ගෙට වැඩසටහන මුලින්ම 2016 වසරේත් ඉන්පසු 2017 වසරේත් ක්‍රියාත්මක කෙරුණු අතර මෙය තුන්වැනි අදියරයි. ගම්මැද්ද හරහා කෙරෙන කිසිදු ව්‍යාපෘතියක් පුළුල් අධ්‍යයනයක් නොමැතිව සිදුවන්නේ නොමැත. ප්‍රවෘත්ති අංශයේ සෑම තරාතිරමකම අය නිලධාරී මට්ටම් නොතකා මේ සඳහා දායක වන්නේ ස්වේච්ඡාවෙනි. ජනතාව අතර සිටඔවුන්ට සවන් දී ජනතාව සමගම ගම්මාන දියුණු කිරීමේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම ගම්මැද්ද ගෙයින් ගෙට වැඩසටහනේ ආදර්ශයයි. අප ගමන් කළ සෑම ගමකම ජනතාව ඉතා ඉහළින් අප පිළිගත් අතර ඒ සෑම ලාංකිකයෙකුටම අපගේ ප්‍රණාමය හිමිවේ. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය උපුල් බී.දිසානායක මහතා සහභූගෝල විද්‍යා දෙපාර්තමේන්තුවේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය තිලක් විජේතුංග බණ්ඩාර මහතා, මෙන්ම විද්‍යාර්ථීන් ලබාදුන් මාහැගි සහයෝගය ද අප සිහිපත් කරන්නේ දැඩි ගෞරවයෙනි. මින් පෙර ගම්මැද්ද ගෙයින් ගෙට අදියරවලින් පසු ඇරඹුණු ව්‍යාපෘති රැසක්ජනතාවගේ සහ විවිධ ආයතනවල දායකත්වයෙන් මහජන අයිතියට පත් කෙරුණේ බොහෝ දෙනෙකුගේ ප්‍රශංසා ලබමිනි. අද පෙරවරුවේ හොරණ ශ්‍රී සුනන්දාරාමයේ ආගමික වතාවත්වලින් පසු ගම්මැද්ද කණ්ඩායම වවුලුගලවත්ත ගම්මානයට පිටත්ව ගියේ ය. නගරාසන්න ගමක් වුව ද, මෙහි පානීය ජල ගැටලුව උග්‍ර යි. සීමාසහිත කැපිටල් මහරාජා සංවිධානයේ විද්‍යුත් මාධ්‍ය ව්‍යාපාර සමූහ අධ්‍යක්ෂ  නීඩ්‍රා වීරසිංහ මහත්මිය සහ, මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ප්‍රියන්ත විජේසිංහ මහතා ද මේ කණ්ඩායමට එක්ව සිටියහ. ජල ව්‍යාපෘතිය අසාර්ථක බවත් මුදල් ගෙවා ජලය ලබාගත යුතු බවත් පැවසූ ගම්වැසියන් හමුවීම පිළිබඳව ඔවුහු අපට ප්‍රසාදය පළ කළහ. නිවාස නොමැතික මකිලන්කර්නි ගමේ මූලික ප්‍රශ්නය වන අතර පවුල් 75න් 30 ක ජනතාව පැල්පත් නිවාසවල දිවි ගෙවයි. එහි ජල ගැටලුව ද පවතින අතර දිගු කලක සිට අබලන් වූ පිවිසුම් මාර්ග තවමත් සකස් කර දී නොමැත. වැසි සමයේ මේ ගම්මානය ජලයෙන් යට වන අතර කුලී වැඩවල නිරත වන මොවුන් ලබන්නේ ද ඉතා අඩු ආදායමකි කට්‍රිපුලම් සහ සුලිපුරම් ගම්මානවල ධීවර කර්මාන්තයෙන් හා ගොවිතැනින්  ජීවත්වන මොවුන් දවස ගත කරන්නේ දැඩි අරගලයක නිරත වෙමිනි. රෝහලක් වෙත යාම සඳහා සැතපුම් ගණනක් යා යුතු වුවද මාර්ග බෙහෙවින් අබලන් ය. ළිං ජලයේ ලවණ ස්වභාවය නිසා බීමට නොහැකියි. පොදු ළිඳක් සකස් කර දෙන ලෙස මේ ජනතාව වගකිවයුත්තන්ගෙන් ඉල්ලා සිටියි. වතු කම්කරුවන් බහුල පෙදෙසක් වන විනායගපුරම්හි පවුල් 150ක් පමණ ජීවත් වේ. 10 වසරකට පෙර මෙහි වතු කර්මාන්ත ඇණහිටි බැවින් ජනතාවට සිදුවුයේ කුලී වැඩවලට යොමු වීමටයි. ජල හිඟය උග්‍රව පවතින අතර, ගමට ඇති පොදු ළිඳට යාම ද දුෂ්කර ක්‍රියාවකි. නිවාසවලට වෙන වෙනම ලිපින නොමැති වීම ද ගැටලුවක් බව ඔවුහු පැවසූහ. නුවරඑළිය හා බදුල්ල දිස්ත්‍රික්කවල මායිමේ පිහිටි බොලගන්දාවෙල, තවමත් බලධාරීන්ගේ අවධානයට ලක් නොවු පොදු ගැටලු සහිත ගම්මානයකි. ඔවුන් ගමන් කළ යුත්තේ අවදානම් සහගත වැල් පාලමක් මතින් වන අතර ගමනාගමන ගැටලුවට විසඳුම් පෙනෙන තෙක් මානයකවත් නොමැත. අපට පසුගිය දිනවල මෙවැනි පොදු ගැටළු සහිත ගම්මාන රැසක් හමුවිය. https://www.youtube.com/watch?v=shRkOqj8_0w