කැන්ටන් බලා යන ගුවන් ගමන පැය 10ක් ප්‍රමාදයි

කටුනායකින් කැන්ටන් බලා යන ගුවන් ගමන පැය 10ක් ප්‍රමාදයි

by Staff writer 16-09-2018 | 5:23 PM
COLOMBO (News 1st) : කොළඹ සිට චීනයේ කැන්ටන් බලා අද පස්වරුවේ ගුවන්ගත වීමට තිබූ ශ්‍රීලංකන් ගුවන් සමාගමේ යූ.එල්. 880 දරණ ගුවන් යානය පැය 10 ක් පමණ ප්‍රමාද වී ගමන් ආරම්භ කරන බව ශ්‍රීලංකන් ගුවන් සමාගම පවසයි. කුණාටු තත්ත්වයක් හේතුවෙන් ග්වන්ජු ගුවන් තොටුපොළ තාවකාලිකව වසා දැමීම මීට හේතු වී තිබේ. ප්‍රමාද වී ගුවන්ගත වන ගුවන් යානය අද මධ්‍යම රාත්‍රියේ ග්වන්ජු බලා පිටත්වීමට නියමිත අතර ග්වන්ජු ගුවන් තොටුපොළේ තත්ත්වය මත ගුවන් යානය තවදුරටත් ප්‍රමාදවිය හැකි බව ගුවන් සමාගම වැඩිදුරටත් සඳහන් කළේ ය.