ඕමන්තේ දුම්රිය අනතුරින් සිව් දෙනෙක් මරුට

ඕමන්තේ දුම්රිය අනතුරින් සිව් දෙනෙක් මරුට

by Staff writer 16-09-2018 | 3:28 PM
COLOMBO (News 1st) : ඕමන්තේ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයකදී මෝටර් රථයක් දුම්රියක ගැටීමෙන් පුද්ගලයින් 4 දෙනෙකු මියගොස් තවත් දෙදෙනෙක් තුවාල ලැබූහ. පොලීසිය සඳහන් කළේ, අද පෙරවරු 10.30 ට පමණ අනතුර සිදුව ඇති බවයි. යාපනය සිට මාතර බලා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රියේ එම මෝටර් රථය ගැටී තිබේ. අනතුරින් දිවි බේරාගෙන ඇත්තේ මෝටර් රථයේ රියැදුරා සහ 11 හැවිරිදි දරුවෙකු බව පොලීසිය සඳහන් කළේ ය. තුවාලකරුවන් වව්නියාව රෝහලට ඇතුළත් කර ඇතැයි, පොලීසිය සඳහන් කළේ ය. මේ අතර දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ, මෙම දුම්රිය හරස් මාර්ගය අනවසරයෙන් සකස් කරගත් දුම්රිය හරස් මාර්ගයක් බවයි. https://www.youtube.com/watch?v=QzGtUeNznC8