ඔස්ට්‍රියාවේ ශ්‍රී ලංකා තානාපතිනිය යළි කැඳවයි

ඔස්ට්‍රියාවේ ශ්‍රී ලංකා තානාපතිනිය යළි කැඳවයි

by Staff writer 16-09-2018 | 9:00 PM
COLOMBO (News 1st) : ඔස්ට්‍රියාවේ ශ්‍රී ලංකා තානාපතිනි ප්‍රියානි විජේසේකර මහත්මිය සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 5 දෙනෙකු යළි කොළඹට කැඳවීමට තීරණය කර තිබේ. මේ සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යංශයෙන් කළ විමසීමකදී එහි ප්‍රකාශකයෙකු පැවසුවේ එම තීරණය සත්‍ය බවත් ඊට හේතු දැක්වීමක් කළ නොහැකි බවයි. ඔස්ට්‍රියාවේ ශ්‍රීලංකා තානාපති කාර්යාලයේ තානාපතිනිය ලෙස කටයුතු කළේ, පාර්ලිමේන්තුවේ හිටපු මහාලේකම් ප්‍රියානි විජේසේකර මහත්මියයි. ජනාධිපතිවරයාට දුරකථන මාර්ගයෙන් ඇය හෝ සෙසු නිලධාරීන් සම්බන්ධ කර ගැනීමට නොහැකිවීම මත එම තීරණ්යට එළැඹ ඇති බව සන්ටේ ටයිම්ස් පුවත්පත වාර්තා කළේ ය. වියානා නුවර පිහිටා තිබෙන ඔස්ට්‍රියා තානාපති කාර්යාලය හරහා බොස්නියා, චෙක් ජනරජය, ස්ලෝවැකියා, ස්ලෝවෙනියා, සර්බියා යන රටවල ද තානාපති සේවා කටයුතු සිදුවේ.