English
தமிழ்
කර්තෘ Sagarika Chathumali
16 Sep, 2018 | 6:58 pm
COLOMBO (News 1st) : කලාවැව රක්ෂිතයේ සද්ධන්තයින් දෙදෙනෙකුගේ ගැටුමක් පිළිබදව දින කිහිපයක සිට ගම්වාසීන්ට තොරතුරු දැනගන්නට ලැබී තිබිණ.
අද උදෑසන අප වාර්තාකරුට දැනගන්නට ලැබුණේ, එම අලි රංඩුවෙන් එක් අලියෙකු පරාජය වී ජීවිතයෙන් සමුගත් බවයි.
කලාවැව ආසන්නයේ සිටින මෙම ඇතා සහ කලාවැව ආශ්රිත වන අලි රංචුවේ සිටින විශාලතම හස්තියා අතර ඉකුත් දින කිහිපයේම ගැටුම්කාරී තත්ත්වයක් පැවතිය බව ප්රදේශවාසීහු පවසති.
එහි උච්චතම අවස්ථාව ඊයේ රාත්රියේ සනිටුහන් වුයේ කලාවැව ආශ්රිත වන අලි රංචුවේ සිටින විශාලතම හස්තියාට දිවි අහිමි කරමිනි.
වයස අවුරුදු 35 ක් පමණ වන මෙම සද්ධන්තයා ඇතෙකු විසින් සිදුකළ පහරදීම් හේතුවෙන් මියගොස් ඇති බව පශ්චාත් මරණ පරික්ෂණයේදී හෙළිව තිබේ.
සිය රංචුවේ නායකයාව සිට මියගිය හස්තියාට අවසන් ගෞරව දැක්වීමට කලාවැව ආශ්රිත වන අලින් අද පෙරවරුවේ සිට එක්රැස්විය.
අප වාර්තාකරු සඳහන් කළේ, අලියාගේ දේහය අද පස්වරුවේ කලාවැව වැව් ඉස්මත්තේදී මිහිදන් කෙරුණු බවයි.
19 Feb, 2019 | 09:52 AM
19 Feb, 2019 | 07:10 AM
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්රයිවට් ලිමිටඩ් 45/3, බ්රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS