තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සේවා විභාගය කල්යයි

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සේවා විභාගය කල්යයි

by Staff writer 15-09-2018 | 6:47 AM
COLOMBO (News 1st) : ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සේවයේ දෙවන පන්තියේ දෙවන ශ්‍රේණිය සඳහා බඳවා ගැනීමේ තරග විභාගය නැවත දැනුම් දෙන තුරු කල් දමා තිබේ. විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ, එය අද පැවැත්වීමට නියමිතව තිබූ බවයි. ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල්ගේ දැනුම් දීම අනුව විභාගය කල් දැමූ බව විභාග කොමසාරිස් ජනරාල්වරයා නිකුත් කළ නිවේදනයක සඳහන් ය.