ත්‍රිකුණාමලය කළපුව ආශ්‍රිතව සුළු භූ චලනයක්

ත්‍රිකුණාමල කළපුව ආශ්‍රිතව සුළු භූ චලනයක්

by Staff writer 15-09-2018 | 6:40 AM
COLOMBO (News 1st) : ත්‍රිකුණාමල කළපුව ආශ්‍රිතව රික්ටර් පරිමාණයේ ඒකක 3.5 ක ප්‍රබලත්වයෙන් යුත් භූ චලනයක් සිදුව තිබේ. භු විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රවිමල් සිරිවර්ධන මහතා පැවසුවේ, ඊයේ රාත්‍රි 12 ත් එකත් අතර කාලය තුළ එම සුළු භූ චලනය සිදුව ඇති බවයි. මෙය සුළු භූ චලනයක් බවත් ඉන් කිසිදු සුනාමි අවදානමක් නොමැති බව ත් ඔහු සඳහන් කළේ ය.