ගොහාගොඩ කුණු කන්දේ අපද්‍රව්‍ය මහවැලි ගඟට

ගොහාගොඩ කුණු කන්දේ අපද්‍රව්‍ය මහවැලි ගඟට එකතු වන බවට අනාවරණයක්

by Staff writer 15-09-2018 | 10:30 PM
COLOMBO (News 1st) - මෙරට එක් රැස්වන කසළ නිසි ලෙස කළමනාකරණය කර ගැනීමට හෝ ප්‍රතිචක්‍රීකරණය කිරීමට අප තවමත් අපොහොසත්ව ඇති බව ප්‍රකට කරුණකි. එවන් තත්ත්වයක් තුළදී නිදහස් වෙළෙඳ ගිවිසුම හරහා සිංගප්පූරුවෙන් ප්‍රතිචක්‍රීකරණය කිරීමේ මුවාවෙන් මෙරටට කසළ හෝ අපද්‍රව්‍ය ආනයනය කිරීමේ උත්සහයන් පිළිබඳව නිරන්තරයෙන් කතා බහට ලක්වේ. මේ අවධානය සිංගප්පූරුවෙන් ගෙන ආ කුණු නොව මෙරට එකතු වූ තවත් කුණු කන්දක් ගැනයි. පරිසරයට දැඩි හානියක් සිදු කරමින් මහජනතාව දැඩි පීඩාවට පත් කරමින් මහනුවර ගොහාගොඩ තේක්කවත්ත ප්‍රදේශයේ කසළ කන්දට කසළ එක් රැස් කරන බව අපි මීට පෙර වාර්තා කළෙමු. මේ වන විටත් කසළ කන්දට කුණු එක් රැස් වීම සිදු වන අතර ඉන් පිටවන අපද්‍රව්‍ය කාණු පද්ධතිය හරහා මහවැලි ගංගාවට එකතු වේ.