ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Sagarika Chathumali 15-09-2018 | 7:25 AM
COLOMBO (News 1st)

දේශීය පුවත්….

1. ශ්‍රී ලනිපයට නව ආසන සංවිධායකවරු දෙදෙනෙක්: ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නව ආසන සංවිධායකවරු දෙදෙනෙකු පත් කර තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ, හම්බන්තොට දිස්ත්‍රික්කයේ බෙලිඅත්ත ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නව ආසන සංවිධායකවරයා ලෙස නීතීඥ උපාලි මොහොට්ටි මහතා පත්කර ඇති බවයි. 2. නිව්ස් ෆස්ට් අනාවරණයෙන් පසු නිලූෂියාට සරසවි වරම් : අසාධාරණයකට ලක්වීමෙන් සරසවි වරම් අහිමිව සිටි වළපනේ නිලූෂියා මේරි සිසුවියට නිවුස් ෆස්ට් අනාවරණයෙන් පසු අද සරසවි වරම් හිමිවිය. ඒ උසස් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා මේ පිළිබඳව සොයා බැලීමෙන් අනතුරුවයි. 3. කමිටු නිර්දේශ මත සිංගප්පුරු ගිවිසුමේ සංශෝධන කරන බව ජනපති කියයි: තමන් පත් කළ කමිටුව ලබාදෙන නිර්දේශ මත සිංගප්පුරු නිදහස් වෙළඳ ගිවිසුමේ සංශෝධන සිදු කරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි. ඊයේ පෙරවරුවේ මාධ්‍ය ආයතන ප්‍රධානීන් හමුවෙමින් ජනාධිපතිතුමා කියා සිටියේ කමිටු නිර්දේශවල ගිවිසුමේ අහිතකර කරුණු ඇතැයි සඳහන් වුවහොත්, ඒ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට පසුබට නොවන බවයි. 4. හොරණ රබර් කර්මාන්ත ශාලාවක අමෝනියා ගෑස් ටැංකියක් පිපිරී 5ක් රෝහලේ : හොරණ, පෝරුවදණ්ඩ ප්‍රදේශයේ රබර් නිෂ්පාදන කර්මාන්ත ශාලාවක අමෝනියා ගෑස් ටැංකියක් පිපිරීමෙන් පුද්ගලයින් 5 දෙනෙකු රෝහල්ගත කළේ ය. ඊයේ එම කර්මාන්ත ශාලාවට ගෑස් ටැංකි පිර වූ ලොරි රථයක් පැමිණ ඇති අතර ඉන් ගෑස් ටැංකි ඉවත් කිරීමේදී අමෝනියා අඩංගු ගෑස් ටැංකියක් පිපිරී තිබේ. 5. රවි කරුණානායකට එරෙහිව නඩු පවරයි : හිටපු මුදල් අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරනු ලැබුවේ ය.

ක්‍රීඩා පුවත්....

1. ශ්‍රී ලංකා-එංගලන්ත ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා විකාශන අයිතිය MTV ආයතනයට : එළැඹෙන ශ්‍රී ලංකා – එංගලන්ත ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා විකාශන අයිතිය MTV ආයතනයට හිමිව තිබේ. ඒ අනුව එංගලන්ත කණ්ඩාමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ සියලු තරග TV1 නාලිකාව ඔස්සේ විකාශය කිරීමට නියමිත ය.