ගම්මැද්ද කණ්ඩායම් අදත් ජනතා ගැටලු සොයා ගෙයින්ගෙට

ගම්මැද්ද කණ්ඩායම් 19 වන දිනටත් ජනතා ගැටලු සොයා ගෙයි ගෙට

by Staff writer 15-09-2018 | 2:06 PM
COLOMBO (News 1st) : රට නගන ජන පවුර ගම්මැද්ද ගෙයින් ගෙට තුන්වැනි ක්‍රියාන්විතයේ 19 වැනි දිනය අදයි. පේරාදෙණිය විශ්වවිදයාලයේ විද්‍යාර්ථීන් ද සමග කණ්ඩායම් 5ක් අදත් දිස්ත්‍රික්ක තුනකට අයත් ගම්මානවල සංචාරය කරයි. ගම්මැද්ද ගෙයින් ගෙට වැඩසටහන, මින් පෙර දෙවරක් රට පුරා ක්‍රියාත්මක කෙරුණේ විසදුම් නොමැති මහජන ගැටලු රැසක් හඳුනා ගනිමිනි. ඉන් අනතුරුව ජනතාවගේම, මූල්‍යාධාරවලින් එම ගැටලුවලට කඩිනම් විසදුම් ලබාදීමට ගම්මැද්ද කණ්ඩායමට හැකිවිය. ගම්මැද්ද කණ්ඩායම් අද දිනයේදී යාපනය, කළුතර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කයන්හි ජනතාව හමුවී ඔවුන් මුහුණ දී සිටින ගැටලු පිළිබඳ සොයා බලමින් මේ වන විටත් සංචාරයේ නිරතව සිටී.