ගම්පහ ගිනි ගත් බස් රථයක් තුළ කාන්තා මළ සිරුරක්

ගම්පහ ගිනි ගත් බස් රථයක් තුළ කාන්තා මළ සිරුරක්

by Staff writer 15-09-2018 | 3:33 PM
 COLOMBO (News 1st) - ගම්පහ, කෙහෙල්බද්දර, තම්මිට ප්‍රදේශයේ ගිනි ගත් බස් රථයක් තුළ තිබී කාන්තා මළ සිරුරක් සොයා ගෙන තිබේ. පොලීසිය පැවසුවේ, අද අලුයම බස් රථය ගිනි ගැනීමට ලක්ව ඇති අතර බස් රථයේ රියැදුරු අසුන අසළ තිබී එම පිළිස්සුන කාන්තා මළ සිරුර සොයා ගෙන ඇති බව ය. එලෙස මිය ගොස් ඇත්තේ, බස් රථයේ හිමිකරුගේ බිරිඳ බවට කරුණු අනාවරණය වී තිබේ. 58 හැවිරිදි අදාළ කාන්තාව උඩුගම්පොළ ප්‍රදේශයේ පදිංචිකාරියකි. බස් රථයේ ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ක්‍රියාත්මක ය.