ඝාතන සිද්ධි 2කට සම්බන්ධ ප්‍රධාන සැකකරු කොටුවෙයි

කොළඹ ඝාතන සිද්ධි 2කට සම්බන්ධ ප්‍රධාන සැකකරු කොටුවෙයි

by Staff writer 15-09-2018 | 5:20 PM
COLOMBO (News 1st) - කොළඹ ප්‍රදේශයේ මෑතක සිදු වූ වෙඩි තබා මනුෂ්‍ය ඝාතන සිදු කිරීමේ සිද්ධි දෙකකට සම්බන්ධ ප්‍රධාන සැකකරු කොළඹ අපරාධ කොට්ඨාසය වැල්ලම්පිටිය ප්‍රදේශයේ කළ වැටලීමකදී අද අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, සැකකරු නාවික හමුදාවෙන් පළා ගොස් සිටින අයෙකු බව ය.