අද ත් ප්‍රදේශ රැසක උණුසුම් කාලගුණයක්

අද ත් ප්‍රදේශ රැසක උණුසුම් කාලගුණයක්

by Sagarika Chathumali 15-09-2018 | 10:05 AM
COLOMBO (News 1st) : ගතවූ පැය 24 තුළ වැඩිම උෂ්ණත්වය වව්නියාවෙන් වාර්තා වී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම අගය සෙල්සියස් අංශක 37.3කි. පොළොන්නරුවෙන් සෙල්සියස් අංශක 36.6 ක්, අනුරාධපුර 35.7 ක් සහ කොළඹින් සෙල්සියස් අංශක 31.3 ක උෂ්ණත්වයක් වාර්තා වී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. මේ අතර පොළොන්නරුව, මුලතිව් සහ කිලිනොච්චි දිස්ත්‍රික්කවල හා නැගෙනහිර පළාතේ බොහෝ ස්ථානවලට අද දිනයේත් උණුසුම් කාලගුණ තත්ත්වයක් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මේ පිළිබඳ දැඩි අවධානයක් යොමු කරන ලෙසයි. උණුසුම් කාලගුණ තත්ත්වය හේතුවෙන් තෙහෙට්ටුව, විජලනය, මස්පිඩු පෙරළීම වැනි තත්ත්වයන් ඇතිවිය හැකි බව ද එම නිවේදනයේ සඳහන් ය.