'ෆ්ලොරන්ස්' අමෙරිකානු ජීවිත 4ක් බිලි ගනී

'ෆ්ලොරන්ස්' අමෙරිකානු ජීවිත 4ක් බිලි ගනී

by Staff writer 15-09-2018 | 8:11 AM
COLOMBO (News 1st) : ෆ්ලොරන්ස් සුළි කුණාටුව හේතුවෙන් අමෙරිකාවේ නැගෙනහිර වෙරළ තීරය ආශ්‍රිත නිවාස ලක්ෂ හයකට පමණ විදුලි බලය ඇණහිට තිබේ. එරට කාලගුණ විද්‍යා බලධාරීන් සඳහන් කළේ, කුණාටුවෙන් නිවාස රැසකට ද හානි සිදුව ඇති බවයි. ෆ්ලොරන්ස් සුළි කුණාටුවෙන් හටගත් අයහපත් කාලගුණයෙන් මේ වන විට අමෙරිකාවේ මියගොස් ඇති පුද්ගලයින් සංඛ්‍යාව 4 කි. කුණාටුවෙන් පුද්ගලයින් මිලියන 10ක පමණ බලපෑම් එල්ල වී තිබේ. අධික වැසි සහ මුහුදු රළ ගොඩබිමට පැමිණීමෙන් පහත් බිම් රැසක් ද ජලයෙන් යටවී ඇතැයි, වාර්තා වේ. අමෙරිකානු කාලගුණ විද්‍යා බලධාරීන් සඳහන් කළේ, ෆ්ලොරන්ස් සුළි කුණාටුව පැයට කිලොමීටර් 110ක වේගයෙන් හමා යමින් ඇති බවයි. කෙසේ වෙතත් ඇමරිකානු කාලගුණ බලධාරින් සඳහන් කළේ, වේ වන විට කුණාටුවේ ප්‍රබලත්වය ක්‍රමයෙන් අඩු වෙමින් පවතින බවයි. අමෙරිකානු ජනාධිපති ඩොනල් ට්‍රම්ප් ඉදිරි දින කිහිපය ඇතුළත විපතට පත් ප්‍රදේශවල සංචාරය කිරීමට නියමිත බව ධවල මන්දිරය ප්‍රකාශ කළේ ය. මෙ අතර පිලිපීනයට බලපා ඇති මන්කුට් සුළිකුණාටුව හේතුවෙන් පිලිපිනයේ උතුරු වෙරළ තීරය ආශ්‍රිත ප්‍රදේශයට දැඩි බලපැම් එල්ල වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේ ය. පිලිපීනයට මේ වසරේ බලපූ දරුණුතම සුළි කුණාටුව මෙය වන අතර එය මෙ වන විට පැයට කිලොමිටර් 200ත් 320 ත් අතර වේගයේන් හමා යන බව සඳහන් ය.