සංවර්ධනයට බධා කරන පිරිසක් ගැන ඇමති පාඨලී හෙළි කරයි

by Staff writer 15-09-2018 | 9:44 PM
COLOMBO (News 1st) - හෝමාගම තාක්ෂණික නගර ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී ඉඩම් අත්පත් කර ගැනීම පිළිබඳව අද මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චමිපික රණවක මහාතා අද ඒම ප්‍රදේශයේ ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනකට එක් විය. මහ නගර සංවර්ධන සලැස්ම යටතේ හෝමාගම නගරය ප්‍රවාහන, අධ්‍යාපන, තාක්ෂණික යන ක්ෂේත්‍රවල කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමට සැලසුම් කර තිබේ. මේ සඳහා විවිධ පාර්ශවයන්ගේ විරෝධය පළ වීමත් සමග ඒ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා අද අමාත්‍යවරයා එම ප්‍රදේශයට පැමිණියේ ය. අනතුරුව පවතින ගැටලු පිළිබඳව විමසීමට ප්‍රදේශවාසීන්ට අවස්ථාව හිමි විය. අමාත්‍යවරයා පිටව ගිය පසු අනතුරුව මෙම වැඩසටහන සංවිධාන කළ හෝමාගම ප්‍රදේශීය සභාවේ මන්ත්‍රී තරිදු දිලීප මන්ත්‍රීවරයාට කිහිප දෙනෙකුගේ විරෝධය පළ විය.