නිව්ස් ෆස්ට් අනාවරණයෙන් පසු නිලූෂියාට සරසවි වරම්

නිව්ස් ෆස්ට් අනාවරණයෙන් පසු නිලූෂියාට සරසවි වරම්

නිව්ස් ෆස්ට් අනාවරණයෙන් පසු නිලූෂියාට සරසවි වරම්

කර්තෘ Sagarika Chathumali

14 Sep, 2018 | 1:21 pm

COLOMBO (News 1st) : අසාධාරණයකට ලක්වීමෙන් සරසවි වරම් අහිමිව සිටි වළපනේ නිලූෂියා මේරි සිසුවියට නිවුස් ෆස්ට් අනාවරණයෙන් පසු අද සරසවි වරම් හිමිවිය.

ඒ උසස් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා මේ පිළිබඳව සොයා බැලීමෙන් අනතුරුවයි.

අසාධාරණයට ලක්ව සිටි දැරිය අද දිනයේ උසස් අධ්‍යාපන අමාත්‍යවරයා හමුවිය.

එහිදී අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා නියෝග කළේ, එම සිසුවිය ලබන සතියේ කැලණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් කර ගන්නා ලෙසයි.

2017 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයෙන් වාණිජ විෂය ධාරාවෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් 33 වැනියා ලෙස නිලූෂියා මේරි සමත්ව සිටියා ය.

නමුත්, විශ්වවිද්‍යාල ප්‍රවේශයට අදාළ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම යොමු කළ ලිපිය ඇය වෙත ලැබී තිබුණේ, විශ්වවිද්‍යාල ලියාපදිංචිය සඳහා දින පසුවීමෙන් අනතුරුවයි.

ඒ අදාළ ප්‍රදේශයේ ලිපි බෙදන්නා විසින් ලිපිය දින ප්‍රමාද කර ලබා දීම හේතුවෙනි.

සිද්ධිය සම්බන්ධයෙන් ලිපි බෙදන්නා පොලිස් අත්අඩංගුවට පත්ව මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර සිටී.