by Staff writer 14-09-2018 | 4:02 PM
COLOMBO (News 1st) - හොරණ, පෝරුවදණ්ඩ ප්‍රදේශයේ රබර් නිෂ්පාදන කර්මාන්ත ශාලාවක අමෝනියා ගෑස් ටැංකියක් පිපිරීමෙන් පුද්ගලයින් 5 දෙනෙකු රෝහල්ගත කර තිබේ.
අද පෙරවරුවේ එම කර්මාන්ත ශාලාවට ගෑස් ටැංකි පිර වූ ලොරි රථයක් පැමිණ ඇති අතර ඉන් ගෑස් ටැංකි ඉවත් කිරීමේදී අමෝනියා අඩංගු ගෑස් ටැංකියක් පිපිරී තිබේ.
එහිදී ස්වසන අපහසුතා හේතුවෙන් රෝහල්ගත පුද්ගලයින්ගෙන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල බව පොලීසිය සඳහන් කළේ ය.
සිද්ධිය සම්බන්ධයෙන් ඉංගිරිය පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.