ස්විට්සර්ලන්තයේ ශ්‍රීදේවිගේ ප්‍රතිමාවක් ඉදිකිරීමට

ස්විට්සර්ලන්තයේ ශ්‍රීදේවිගේ ප්‍රතිමාවක් ඉදිකිරීමට පියවර

by Staff writer 14-09-2018 | 2:35 PM
News 1st:  අභාවප්‍රාප්ත ප්‍රවීණ ඉන්දීය නිළි ශ්‍රීදේවිගේ ප්‍රතිමාවක් ඉදිකිරීමට, ස්විට්සර්ලන්තය සූදානම් වේ. ඒ, ඇයට ගෞරව දැක්වීමක් ලෙස මෙන්ම සංචාරක ආකර්ශනය ඉහළ නංවා ගැනීම වෙනුවෙනි. අභාවප්‍රාප්ත ප්‍රවීණ ඉන්දීය චිත්‍රපට අධ්‍යක්ෂ යෂ් චොප්රාගේ චිත්‍රපට රැසක රූගත කිරීම් සිදුවූයේ ස්විස්ටර්ලන්තයේයි. ශ්‍රීදේවි රඟන සිනමාපට රැසක් ද ස්විස්ටර්ලන්තයේ රූගතකර තිබේ. ලබන වසරේ එම ප්‍රතිමාව විවෘත කෙරෙනු ඇති.