ශ්‍රී ලනිපයට නව ආසන සංවිධායකවරු දෙදෙනෙක්

ශ්‍රී ලනිපයට නව ආසන සංවිධායකවරු දෙදෙනෙක්

by Staff writer 14-09-2018 | 7:20 AM
COLOMBO (News 1st) : ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නව ආසන සංවිධායකවරු දෙදෙනෙකු පත් කර තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ, හම්බන්තොට දිස්ත්‍රික්කයේ බෙලිඅත්ත ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නව ආසන සංවිධායකවරයා ලෙස නීතීඥ උපාලි මොහොට්ටි මහතා පත්කර ඇති බවයි. ඒ මහතා ඊට අදාළ පත්වීම් ලිපිය ඊයේ පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් ලබා ගත්තේ ය. හම්බන්තොට දිස්ත්‍රික්කයේ මුල්කිරිගල ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නව ආසන සංවිධායකවරයා ලෙස පත් කර ඇත්තේ එච්. ඩබ්ලිව්. ගුණසේන මහතායි.