by Staff writer 14-09-2018 | 2:38 PM
1996 අංක 2 දරන ධීවර හා ජලජ සම්පත් පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
ඒ, ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතා ඉදිරිපත් කළ යෝජනාවකට අනුවයි.
ඒ අනුව ධීවර කර්මාන්තය, නියාමනය, සංරක්ෂණය හා සංවර්ධනය සඳහා වන විධිවිධාන ඇතුළත්ව පනත සංශෝධනය කෙරෙනු ඇති.