ඌවට සහ මධ්‍යම පළාතට වැසි, කාලගුණෙන් අනාවැකි

ඌවට සහ මධ්‍යම පළාතට වැසි, කාලගුණෙන් අනාවැකි

by Staff writer 14-09-2018 | 9:05 AM
COLOMBO (News 1st) :  ඌව සහ මධ්‍යම පළාත්වලත් මඩකළපුව, අම්පාර සහ රත්නපුර දිස්ත්‍රික්කවලත් වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ද වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බවයි. දිවයිනේ සෙසු ප්‍රදේශවල වැසි රහිත කාලගුණයක් තවදුරටත් අපේක්ෂා කෙරෙන බව එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් ය. මේ අතර හම්බන්තොට සිට පොතුවිල් හරහා මඩකළපුව දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර 40 ත් 45 දක්වා ඉහළ යා හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.