අනුරපුර රැඳවියන් 8ක් උපවාසයේ

අනුරපුර රැඳවියන් 8ක් උපවාසයේ

by Sagarika Chathumali 14-09-2018 | 2:15 PM
COLOMBO (News 1st) : අනුරාධපුර බන්ධනාගාරයේ රැඳවියන් 8 දෙනෙකු උපවාසයක් ආරම්භ කර තිබේ. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණිය සඳහන් කළේ, සිය නඩු ඉක්මන් කරන්නැයි, ඉල්ලා ඔවුන් මෙම උපවාසයේ ආරම්භ කර ඇති බවයි. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කර සිටින හිටපු එල්.ටී.ටී.ඊ. සැකකරුවන් පිරිසක් මෙලෙස උපවාසයේ ආරම්භ කර ඇතැයි, ඔහු සඳහන් කළේ ය. රැඳවියන්ගේ මෙම දුක්ගැනවිලි සම්බන්ධයෙන් මීට පෙර ද අධිකරණයට හා නීතිපති දෙපාර්තමේන්තුවට කරුණු වාර්තා කර ඇති බව ද තුෂාර උපුල්දෙණිය මහතා පැවසී ය.