ධීවර බෝට්ටුව නැවේ ගැටී මියගිය ධීවරයින්ට වන්දි

ධීවර බෝට්ටුව නැවේ ගැටී මියගිය ධීවරයින්ට වන්දි

ධීවර බෝට්ටුව නැවේ ගැටී මියගිය ධීවරයින්ට වන්දි

කර්තෘ Staff writer

14 Sep, 2018 | 6:40 am

COLOMBO (News 1st) : ධීවර යාත්‍රාවක, නෞකාවක් ගැටීමෙන් මියගිය ධීවරයින් සිව්දෙනා වෙනුවෙන් වන්දි ලබාදෙන බව ධීවර දෙපාර්තමේන්තුව පවසයි.

එහි අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසන්න ගිනිගේ මහතා සඳහන් කළේ, මියගිය ධීවරයෙකු වෙනුවෙන් රුපියල් මිලියනයක වන්දියක් ලබාදීමට නියමිත බවයි.

මේ අතර ධීවර යාත්‍රාවක ගැටුණු නෞකාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව මඟින් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇතැයි ධීවර දෙපාර්තමේන්තුව පවසයි.

එහි අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසන්න ගිනිගේ මහතා සඳහන් කළේ, ධීවර යාත්‍රාවේ නෞකාව ගැටුණු වේලාව සම්බන්ධයෙන් යම් ගැටලු සහගත තත්ත්වයක් පවතින බවයි.

ඒ හේතුවෙන් ධීවර යාත්‍රාවේ ගැටුණු නෞකාව සොයා ගැනීම ප්‍රමාද විය හැකි බව ද ඔහු සඳහන් කළේ ය.

ගාල්ලට නාවික සැතපුම් 30 ක් පමණ දුරින් වූ මුහුදේදී ධීවර යාත්‍රාවක්, නෞකාවක ගැටීමෙන් ධිවරයින් සිව්දෙනෙකු මියගියේ පෙරේදා අලුයමයි.

යාත්‍රාවේ සිටි එක් ධීවරයෙකු නාවික හමුදා ඩෝරා යාත්‍රාවක් මගින් බේරා ගෙන තිබිණ.

බේරුවලින් මුහුදු ගිය මලිඳු පුතා නමැති ධීවර යාත්‍රාවක් මෙලෙස අනතුරට ලක් වූ අතර අනතුර සිදුවන විට යාත්‍රාවේ සිටි ධීවරයින් සංඛ්‍යාව 07 දෙනෙකි.

ඒ අනුව අනතුරින් තවත් ධීවරයින් දෙදෙනෙකු අතුරුදන්ව ඇතැයි පොලීසිය සඳහන් කළේ ය.

නාවික හමුදාව සඳහන් කළේ අතුරුදන් වූ ධීවරයින් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක බවයි.

Photo courtesy : SL Navy

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]