සබරගමුව විශ්වවිද්‍යාලයේ පිපිරීමක්

සබරගමුව විශ්වවිද්‍යාලයේ පිපිරීමක්

by Staff writer 13-09-2018 | 5:30 PM
COLOMBO (News 1st) - සබරගමුව විශ්වවිද්‍යාලයේ රසායනාගාරයක් තුළ අද පස්වරුවේ පිපිරීමක් සිදුව තිබේ. එම විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සුනිල් ශාන්ත මහතා සඳහන් කළේ, පිපිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව ය. පිපිරීම සිදු වන අවස්ථාවේ ශිෂ්‍යයින් රසායනාගාරය තුළ සිට ඇති නමුත්, ඔවුන්ට ඉන් අනතුරක් සිදු වී නැතැයි මහාචාර්යවරයා සඳහන් කළේ ය. සිද්ධිය සම්බන්ධයෙන් බලංගොඩ පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ.