ක්‍රිකට් මූල්‍ය වංචාව පිළිබඳව තවත් අනාවරණයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් වංචාව: තිලංග සුමතිපාලගේ සමාගමක සේවකයෙකුත් ක්‍රිකට් මූල්‍ය අංශයේ

by Staff writer 13-09-2018 | 6:16 PM
COLOMBO (News 1st) - එංගලන්ත තරග සංචාරයට අදාළව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලැබීමට තිබූ අමෙරිකානු ඩොලර් මිලියන 5.5ක මුදලක් විදේශීය පෞද්ගලික ගිනුමකට බැර කිරීම සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද මාධ්‍ය හමුවක් කැඳවා තිබිණි. මෙහිදී හිටපු සභාපති තිලංග සුමතිපාල මහතාට අයත් සමාගමක සේවය කළ පුද්ගලයෙකු ද වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මූල්‍ය අංශයේ සේවය කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා පිළිගත්තේ ය.