රාජ්‍ය නිලධාරී වැටුප් වර්ධකවලට පෙර රෝග පරීක්ෂාවක්

රාජ්‍ය නිලධාරී වැටුප් වර්ධකවලට පෙර බෝ නොවන රෝග පරීක්ෂාවක්

by Staff writer 13-09-2018 | 1:58 PM
COLOMBO (News 1st) : රාජ්‍ය නිලධාරීන්ට වාර්ෂික වැටුප් වර්ධක ලබාදීමට පෙර බෝ නොවන රෝග පරීක්ෂා කිරීමේ වැඩපිළි‍වෙළක් සකස් කරන්නැයි සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබේ. අමාත්‍යවරයා සඳහන් කළේ ඊට අදාළ යෝජනාව, ලබන මාසයේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවයි. රාජ්‍ය සේවකයින් බෝ නොවන රෝගවලින් ආරක්ෂා කරගැනීම සඳහා මෙම වැඩපිළි‍වෙළ ක්‍රියාත්මක කිරීමට නියමිත වේ. සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මේ බව සඳහන් කළේ, රාජ්‍ය සේවකයින්ගේ සහ වෘත්තිකයින්ගේ ගැටලු පිළිබඳ පැවති සාකච්ඡාවකට එක්වෙමිනි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිතයෝ ද ඊට එක්ව සිටියහ. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප්‍රකාශයට පත්කර ඇති වෘත්තීය සෞඛ්‍ය ගැටලු විසඳීමේ සැලස්ම පිළිබඳව ද එහිදී නිලධාරීන් දැනුවත් කෙරිණ.