රක්වානේ වෙඩි තැබීමක්

රක්වානේ වෙඩි තැබීමක්

by Sagarika Chathumali 13-09-2018 | 11:23 AM
COLOMBO (News 1st) : රක්වාන උතුරු මනාපිටිය ප්‍රදේශයේදී සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ. එලෙස මියගොස් ඇත්තේ 47 හැවිරිදි පුද්ගලයෙකි. සිය නිවසේ රූපවාහිනි නරඹින් සිටින අතර තුර ඊයේ රාත්‍රි ඔහු මෙම වෙඩි ප්‍රහාරයට ලක්ව තිබේ. මිය ගිය පුද්ගලයාගේ සිරුර කහවත්ත රෝහලේ තැන්පත් කර ඇති අතර සැකකරු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ක්‍රියාත්මකයි.