බස්නාහිර පළාත් සභාවට ගැනීමට ගිය සැප පුටු අවලංගුයි

බස්නාහිර පළාත් සභාවට ගැනීමට ගිය සැප පුටු අවලංගු කෙරේ

by Staff writer 13-09-2018 | 5:09 PM
COLOMBO (News 1st) - බස්නාහිර පළාත් සභාවේ නව සභා ගර්භයට පුටු මිලදී ගැනීම අවලංගු කළ බව බස්නාහිර පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර මහතා පවසයි. අද පෙරවරුවේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේ ය. මේ අනුව බෙල්ජියමෙන් පුටු මිලදී ගැනීම වෙනුවට දේශිය සමාගමක් හරහා පුටු මිලදී ගැනීමට අනුමැතිය ලබා දී තිබේ. පුටුවක් රුපියල් 644,000ක් වටිනා , පුටු 104 ක් මිලදී ගැනීමට ගෙන ඇති ප්‍රසම්පාදන ක්‍රියාවලියේ අක්‍රමිකතා පිළිබඳව පසුගියදා ජනතා විමුක්ති පෙරමුණු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චි මහතා පළාත් ආණ්ඩුකාරවරයා වෙත ලිපියක් යොමු කරමින් අවධාරණය කර තිබිණි.